දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ


(පාලිත ආරියවංශ)
 
බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි  හිමියන් ලංකාවේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය නිර්මාණය කර තිබේ.

ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ වෙසෙන උන්වහන්සේ සිය කුටිය අසළ මෙම විද්‍යාගාරය  ඉදිකර ඇත.
 
සාමාන්‍යයෙන් මෙවැනි පඨක විද්‍යාගාර ඉදිකිරීමට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත්, මෙම විද්‍යාගාරය අඩි 10-12 ප්‍රමාණයේ ඉතා කුඩා ඉඩකඩක වුවද සියලු අංගෝපාංග සහිතව නිර්මාණය කර තිබීම විශේෂය.
 
සෛල කිහිපයකින් එකම කාරණය කරනකොටගෙන පටකයක් නිපදවිය හැකි බවත්, එය ගසක් දක්වා වර්ධනය කර රෝපණය කළ හැකි බවත් උන්වහන්සේ පවසති. එකවර ලක්ෂයක පමණ නිරෝගී පැළ මෙම  ක්‍රමයට සකස් කරගත හැකි බැවින් මල් හා  විසිතුරු පැළ ව්‍යාපාර සඳහා එය මහෝපාකාරී විය හැකි  බවද  මඩවල හිමියෝ අවධාරණය කරති.
 
හිරු බලයෙන් ධාවනය වන රථයක් නිපදවීම හේතුවෙන් උන්වහන්සේට පේටන්ට් බලපත්‍රයද හිමිව තිබේ.
 
ගිහි කාලයේ, පාසලක විද්‍යා විෂය ගුරුවරයෙකු හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුව  සිටි උන්වහන්සේ පැවිදි වීමෙන් පසුද විද්‍යාත්මක පර්යේෂණවල නියැලෙමින් සිටිති.

ඡායාරූප සඳහා පිවිසෙන්න: 

දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ