දිලිත්ගෙ පක්ෂෙට මෙහෙයුම් ප්‍රධානියෙක්


(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයේ නව විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ මධුර විතානගේ මහතා පත් කර තිබේ.

එම ධුරයට අදාළ පත්වීම් ලිපිය  සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් මධුර විතානගේ මහතා වෙත කොළඹ  පක්ෂ කාර්යාලයේදී අද(24) ලබා දුන්නේය.

මධුර විතානගේ මහතා 2011 සිට 2016 දක්වා  කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අතර 2018 සිට 2020 දක්වා  කෝට්ටේ නගරාධිපති ලෙස කටයුතු කර තිබේ. 

මධුර විතානගේ මහතා 2020-2024 කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.