දියවන්නාවේ අපද්‍රව්‍ය ඉවත්කරන්න යයි


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

දියවන්නා ඔයේ ජලයට පාර්ලිමේන්තු සංකීර්ණයෙන් එකතුවූ අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දියවන්නා ඔයට ඔයට එකතුවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඉහත ප්‍රකාශය කළේ එම අවස්ථාවේදීය.

දියවන්නාවේ ජලය අපවිත්‍රවීමට පාර්ලිමේන්තු ජල පොකුණේ මුසුවුණු ද්‍රව්‍ය වගේම වෙනත් පරිසර හේතු ද බලපා ඇතැයි දැනගල්නට තිබෙන බව කතානායකවරයා පවසයි.