
(සුජිත් හේවාජුලිගේ )
දියර කිරි කුඩා පැකට් වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවධානය යොමුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ඉදිරිපත්වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර සත්ව ආහාර ගෙන්වීමේදී මතුව ඇති ඩොලර් ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සහතිකවී ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

