දියණියගේ මරුවා වයරයෙන් එයි


(කේ. බුද්ධික කුමාරසිරි)

මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක සිදුවූ විදුලි කාන්දුවක් නිසාවෙන් එම විදුලි බුබුළු වැල ස්පර්ශ කළ නව හැවිරිදි දියණියකට විදුලි සැර වැදී අද (12) දින සවස මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දියණියක් වන අතර ඇය මෙම වසරේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිට ඇති අතර පාදුක්ක වටරැක කනිෂ්ට විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබා ඇත

අදාළ නිවසේ ඉදිරිපස සවිකර තිබූූ හෝල්ඩරයකින් එම විදුලි බුබුලි වැලට විදුලි සම්බන්ධතාවය ලබාගෙන තිබූ බවත් නිවසය අර්ත් වයරය කැඩී ගොස් පොලවට සම්බන්ධයක් නොතිබූ බැවින් ක්ෂණිකව විදුලි සම්බන්ධතාවය විසන්ධි නොවී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ සිදුකළ පරික්ෂාවේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි