දියණියගේ මංගල උත්සවයේ සාදය නර්ථනය පියාට මරු කඳවයි


(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)

දියණියගේ විවාහ මංගල උත්සවයේ දී නර්ථනයේ යෙදෙමින් සිටී පුද්ගලයකු හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි .

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී නිශ්ශංක කිංස්ලි ලාල් ද සිල්වා නමැති 59 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

වාද්දුව ප්‍රදේශයේ පැවැති උත්සවය අවසන් වීමට ආසන්නව නර්තනයේ යෙදෙමින් සිටියදී ඇද වැටීමෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා ගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති .