(අංජුල මහික වීරරත්න)
ජපානයේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් (Paralympic) ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් මාතෘභූමිය රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට තමාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හෘදයාංගම සුබපැතුම් පිරිනමන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් හමුදාවට බැදුණු දිනේෂ් ඉන් නොනැවතී ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නේ තවදුරටත් රට වෙනුවෙන් සේවය කරන්නට බව මෙම රන් පදක්කමින් ඔප්පු කොට හමාර බව කියන විජයවර්ධන මහතා මෙම විශිෂ්ට ජයග්‍රහණය නිසා මෙරට ක්‍රීඩාවන් හි නියැලෙන සමස්ථ විශේෂ අවශ්‍යතා සහිත වූවන් ගේ දක්ෂතා ඇගයීම කෙරෙහි බලධාරීන් ඇතුළු සමස්ත ජනතාව ගේ අවධානය යොමු කරලීමට සමත් වී තිබෙන බවද සඳහන් කරයි.

