රංජන් කස්තුරි
කොවිඩ් වසංගතය යළිත් හිස ඔසවමින් ඇති අතර, ඉකුත් දින 20ක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අප්‍රේල් මස 27 වැනි දින කොවිඩ් මරණයක්, එම මස 23 වැනි දින මරණයක්, මැයි මස 01 වැනි දින එක් මරණයක් සහ මැයි මස 5 වැනි දින තවත් කොවිඩ් මරණ තුනක් ආදී වශයෙන් වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ අතර ඉකුත් 8 වැනි දින සහ 9 වැනි දින මරණ එක බැගින් ද, ඉකුත් 11 වැනි දින තවත් මරණ දෙකක් ද වාර්තා වූ අතර, 12 වැනි දින මරණ දෙකක් සහ 14 වැනි දින තවත් මරණයක් ආදී වශයෙන් වාර්තා වූ බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ අතර මේ වසරේ ගෙවී ගිය කාලය තුළ මෙරටින් කොවිඩ් රෝගීන් 672,304 දෙනකු හමුවූ බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා සඳහන් කරයි.
මේ අතර, ඉකුත් සතියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු උණ රෝගීන් 2055 දෙනකු වාර්තා වූ අතර, එය ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 5ක පමණ ඉහළ යාමකැයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසයි.
එම ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ද ඩෙංගු මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවල සඳහන් වේ.
දිවයින පුරා රෝහල් රැසක වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන කියයි.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු උණ රෝගය තදින් පැතිර යන බව ද එම වාර්තාවල සඳහන් වේ.

