(ඉන්දිකා රාමනායක සහ දිල්රුක්ෂි ග්‍රේරු)
හැඳල දික්ඕවිට ධීවර වරායේ යාත්‍රාවකින් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී එහි තිබූ රුපියල් ලක්ෂ 5කට අධික මාළු තොගයක් කොල්ල කා ඇතැයි වත්තල පොලිසිය පවසයි.
මාළු කිලෝ 600ක මෙලෙස කොල්ලකා ඇතැයි එම යාත්‍රාවට අයත් ආයතනයේ කලමනාකරු පොලිසියට පැමිණිලි කර ඇත.
වත්තල දික්ඕවිට වරාය ආසන්න මුහුදු තීරයේ නැංගුරම්ලා තිබු මෙම යාත්‍රාවට බෝට්ටුවකින් පැමිණි තිදෙනකු පිහි, ඇතුළු තියුණු ආයුධ පෙන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කොල්ලය සිදු වන අවස්ථාවේ දී එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු සිට ඇත.
නැව් මගින් ගොස් ජාත්‍යන්තර මුහුදේ මාළු අල්ලා අපනයන කිරීමේ ආයතනයකට මෙම යාත්‍රාව අයත් බව පොලිසිය කියයි. වරායේ ජාත්‍යන්තර කොටසේ නැංගුරම් ලා තිබූ මෙම යාත්‍රාව ඉන්දුනීසියානු රජයට අයත් එක්ක බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.

