දෑත් විසබීජහරණයට යුද හමුදාවෙන් යන්ත්‍රයක්


(ඉන්දිකා රාමනායක)

පුද්ගලයන් 600 දෙනෙකුගේ දෑත් විෂබීජ හරණය කිරීමේ හැකියාව ඇති යුද හමුදාව විසින් නිශ්පාදිත විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් යුද හමුදාව විසින් අද (6) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හදුන්වා දෙන ලදි.

යුද හමුදා පරියේෂණ , විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කළ මෙම යන්ත්‍රයෙන් විෂබීජ හරණ දියර ලීටර් හතරක වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600 ක ගේ දෑත් විෂබීජ හරණය කිරීමට හැකියාව ඇති අතර, විදුලි ආරෝපනයෙන් පසු පැය 48 ක් ස්වයක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති බව යුද හමුදාව පවසයි.

ආනයන කිරීමට සාපේක්ෂකව අඩු පිරිවැයක් මෙම යන්ත්‍රය රට තුළ නිෂ්පාදනය කිරීමට වැය වන අතර එම නිසා ලැබෙන ඇනවුම් වෙනුවෙන් යන්ත්‍ර නිෂ්පාදනයට හා දැනුම අවශ්‍ය පාර්ශව වෙත ලබා දීමට යුද හමුදාවේ පර්යේෂණ ඒකකය සුදානමින් සිටියි.

යන්ත්‍රය හදුන්වාදීමේ උත්සවයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති අතිරේක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ බී එගොඩවෙලේ, බි්‍රගේඩියර් සුදත් උදයසේන යන මහත්වරුන් සහභාගි වුහ.