(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය දැව සංස්ථාවේ සේවකයන් සේවක අර්ථ සාධක අරමුදලට ගෙවිය යුතු දායක මුදලක් එම සංස්ථාව ගෙවීම හේතුවෙන් රුපියල් විසිහතර කෝටි අසූලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇති බව රජයේ විගණකාධිපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) දැනුම් දුන්නේය.
මේ අතර රාජ්‍ය දැව සංස්ථාව සේවක අර්ථ සාධක අරමුදල් පනත සහ සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනත්වල ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 2006 වසරේ සිට 2022 දක්වා එම ආරමුදල් වලට අධිභාර වශයෙන් රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද එම කමිටුවේදී තොරතුරු හෙළි වී ඇත.
රාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

