
(ටී.කේ.ජී.කපිල)
ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ජාතික දැල් පන්දු ෆෙඩරේෂනයේ සභාපති ලක්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
උඩරට , පහතරට සහ ඉන්දියානු බෙර වාදන සහ නර්තනයන් මධ්‍යයේ මෙම ජයග්‍රාහී දැල් පන්දු කණ්ඩායම ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන එනු ලැබීය.
.

