දැරියක උස්සන්න හදලා:දෙකක් මාට්ටු


(ප්‍රසාද් රුක්මල් )

සිය බාලසහෝදරයා සමඟ පාගමනින් නිවසට යමින් සිටි  12 හැවිරිදි  බාලවයස්කාර පාසල් සිසුවියක ගිරාදුරුකෝට්ට බතලයාය කිවුලතලාව ප්‍රදේශයේ දී පැහැරගැනිමට තැත් කළැයි සැකපිට තරුණයන් දෙදෙනකු ත්‍රීරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

ගිරාදුරුකෝට්ට හොබරියාව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .

ගිරාදුරුකෝට්ට බතලයාය කිවුලතලාව ප්‍රදේශයේ පදිංචි ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි මෙම බාලවයස්කාර පාසල් දැරිය පාසල නිමවී නිවසට පැමිණ පසුව යළි පාසලෙ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අමතර පංතියකට සහභාගි වූ සිය මල්ලි රැගෙන එන අතරමගදී මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය සදහන් කළේය .

බියවි ඇති සිසුවිය මල්ලි සමඟ එම අවස්ථාවේ පැමිණි හඳුනන කාන්තාවක සමඟ ඒ ආසන්නයේ හෝටලයක සේවය කරන පියා ලගට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය .