(ප්‍රියාණි මංගලිකා)
දැදුරුඔය රක්ෂිතය තුළ දැවැන්ත කුඹුක් ගස් හතරක් කපා පැටවීමට සූදානම් කර තිබියදී සැකකරුවකු, බැකෝ යන්ත්‍රයක්, විශාල කුඹුක් කඳන් 9 ක් සමඟ කොබෙයිගනේ විලගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දැදුරුඔය රක්ෂිතය තුළ සමීප ස්ථාන හතරක මෙම දැවැන්ත කුඹුක් ගස් හතර මැෂින් මගින් කපා පෙරළා කැබලි ලෙස කුට්ටි කර රැගෙන යාමට සූදානම් කර ඇති බවට ,නිකවැරටිය පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
සැකකරු බොරලුවැව ප්‍රදේශයේ පදිංචි 40 වියැති අයෙකු බවද සැකකරු සහ අදාළ නඩු භාණ්ඩ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.



