
නාරහේන්පිට, දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ගිනිනි වන රථ 13ක් කැඳවා ඇතැයි ගිනි නිවන හමුදා ඒකකය පවසයි.
ඒ සඳහා අවට පිහිටි ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවන රථ එම ස්ථානයට කැඳවා ඇත.
නිවාස සංකීර්ණයේ ඉහළ මහලයක ගින්න හටගෙන ඇති අතර එහි සිටි පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඒ සඳහා ස්කයිලිෆ්ට් රථ කීපයක් ද එම සථානයට ළඟවී ඇත.
න්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇතැයි තහවුරු නොවූ ආරංචි මාර්ග කියයි.
ගින්න හටගත් නිවසේ සිරවී සිටි දරුවන් දෙදෙනකු සහ කාන්තාවක බේරාගෙන ඇත.
(ඡායා ගයාන් අමරසේකර)




