දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක්


(සුජිත් හේවාජුලිගේ )

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

මෙම නිලධාරීන් යොදවා ඇත්තේ පොලිසියේ සහායටය.

රාජ්‍ය බුද්ධි  සේවයේ නිලධාරීහු ද ඒ අතර  වෙති

මේ අතර   අනවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ඒමෙන් වලකින්නැයි පොලිසිය දළදා වන්දනාවේ පැමිණෙන්නන්ගෙන්   ඉල්ලීමක් කරයි.