(සුජිත් හේවාජුලිගේ)
දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත.
දළදා දැක්ම 18 සිට 27 දක්වා පැවැත්වීමට නියමිතය.
යුද හමුදාපතිවරයාගේ මගපෙන්වීම යටතේ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියලුම හමුදා සේනාංක මේ සඳහා යෙදවෙනු ඇත.