(ඩී.ජී.සුගතපාල)
මාර්තු මස පළමුවන දා සිට මේ දක්වා විදෙස් රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචි විම සඳහා දි තිබු අවසන් දිනය වන අද (01) දහවල් 12 වනවිට ගාල්ල පොලිස් ස්ථානයේ පුද්ගලයින් 511ක් ලියා පදිංචි වි තිබේ.
මෙසේ ලියා පදිංචි වී ඇති පිරිස අතර ලාංකිකයෝ මෙන්ම විදේශිකයෝ කිහිප දෙනෙක්ද වෙති.
විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාම ලියා පදිංචි විය යුතු බවට රජය විසින් දෙන ලද උපදෙස් අනුව මෙසේ ලියා පදිංචි නොවි ඇති පුද්ගලයින් සොයා අද සිට පරික්ෂණ ආරම්භකරන බව පොලීසිය කීවේය.

