දසුන් ශානකට ලක්‍ෂ 30ක දඩයක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දසුන් ශානක අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභාගි වීමට වරදකරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 30 ක දඩයක් පනවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් වන දසුන් එසේ නිසි අවසරකින් තොරව ඩුබායි ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම විනය කඩකිරීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.