
(සුජිත් හේවාජුලිගේ)
දරුවන්ගේ නඩත්තු ඉල්ලා වැඩිහිටියන් 200කට වැඩි පිරිසක් වට්ස්ඇප් අංකයට පැමිණිලි යොමු කර ඇතැයි වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
ආයතනයේ 0707 89 88 89 යන වට්ස්ඇප් අංකය ඔස්සේ සරණ උපකාර සේවය හා සම්බන්ධ විය හැකි බව එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා සදහන් කළේ ය.
පැමිණිලි විභාග කිරීම සඳහා නඩත්තු මණ්ඩල අලුතින් පිහිටුවා ඇති බව පැවසූ හෙතෙම පැමිණිලි ඉදිරිපත් කරන්නන් ඉදිරියේදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිට ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවද ප්‍රකාශ කළේ ය.

