දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි නොවීමෙන් ගොවීහු අසීරුතාවක


( කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර  එළවළු අලෙවි නොවී විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
 
අද (29) දින අලුයම සිට 30 දින අලුයම දක්වාම එක දිගටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තැබුවද රටටම ආහාර එළවළු ලබාදීම සඳහා පැමිණි ගොවීන් නිදි වර්ජිතව ආහාර ලබා ගැනීමකින් තොරව අසීරුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසති.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අති විශාල ජනකායක් ඊයේ (29) දින පෙරවරුවේ සිට අද(30) දින අලුයම දක්වාම රැස්ව සිටින අතර තමන් රැගෙන ආ එළවළු තොග අලෙවි නොවීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි ගොවීන් පෙන්වා දෙති.
 
එළවළු රැගෙන ආ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලොරි රථ ටැක්ටර් ආදී රථවාහනවලින් දඹුල්ල නගරයේ  මාර්ග සියල්ලම පිරි ඉතිරි ගොස් තිබේ.
 
පොලිස් නිලධාරින්ද නිදි වර්ජිතව සිය රාජකාරි කටයුතුවල නිරතව සිටින අයුරු රාත්‍රියේ එමෙන්ම අලුයම් කාලයේ දී ද දැක ගැනීමට හැකි විය.
 
එළවළු රැගෙන ආ ගොවීන් කියා සිටියේ පැය ගණනාවක් තිස්සේ ආර්ථික මධ්‍යස්ථානය තුල රැඳී සිටිය ද එළවළු ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි වන බවත් බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානය තුල ඉතාමත් අලෙවිවන බලා සිටින බවයි.


රාත්‍රියේ බොහෝ එළවළු වර්ග  පාලන මිලට අලෙවි වූ බවත් ඇතැම් එළවළු වර්ග පාලන මිලට වඩා ඉතා අඩු මුදලින් අලෙවි වූ බවත් ඇතැම් අවස්ථාවන්හිදී පාලන මිලටත් වඩා වැඩියෙන් එළවළු අලෙවි වූ බව ද ගොවීන් සහ ව්‍යාපාරිකයෝ කියති.
 
මුළු රට පුරාම මෙම වෛරස් තත්ත්වය හේතුවෙන් ජනතාවට විමසිලිමත් ව  මිටරයක් දුරින් රැඳී සිටින්න යැයි  අවවාද ලබා දෙද්දී දඹුල්ල නගරය ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල අවට විශාල ජනතාවක් ඉතාමත් අනාරක්ෂිත ලෙස  සිටින බව ජනතාව පෙන්වා දෙති.
 
ආර්ථික මධ්‍යස්ථානයට එළඹුණු රැගෙන ආ බොහෝ ගොවීන් කියා සිටියේ මේ පිළිබඳව රජය විශේෂ වැඩපිළිවෙළක් සකසා නොදුනහොත් ආර්ථික මධ්‍යස්ථානය තුළ එන ගොවීන් සහ ව්‍යාපාරිකයන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙන බවය.
 
වෙනදා රාත්‍රියේ වසා දමන ආර්ථික මධ්‍යස්ථානය රටේ ලෝකේ ව්‍යසනයක් පැවැති අවස්ථාවේ ඒ පැය 24 පුරාම විවෘතව තැබීම නිසා බරපතළ රෝග පැතිර යෑමේ අවදානම පවතින බව ද ගොවීන් පෙන්වා දෙති.
 
 
එමෙන්ම දඹුල්ල ප්‍රධාන මාර්ග සියල්ලම එළවළු ලොරි වලින් පිරී ඉතිරී ගොස් මෙම එළවළු විකිණීම සඳහා සහ මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අඩුම තරමේ වතුර

උගුරක් හෝ පානය කිරීමට හෝටලයක් විවෘත නොවීම නිසා පැය 24 පුරා කුසගින්නේ  ගොවීන් බව සිටින බව කියති .
 
අද(30) දින අලුයම කාලයේ ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එකම හිස් ගොඩක් වාහන අංගනයක් ලෙස පෙනුණු අතර එළවළු වලින් ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පිරී ඉතිරී ගොස් ඇති අයුරු අලුයම් කාලයේ ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
බොහෝ ගොවීන් සහ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට එන පැමිණි අය එළවළු ගොඩවල් උඩම නිදාගෙන සිටින ආකාරයත් මෙහිදී දර්ශනය විය.
 
දඹුල්ල නගරයේ ම අනාරක්ෂිත ස්ථානයක් බවත් යම්කිසි හෙයකින්  වීසබීජහරණය කිරීමකට හෝ කිසිඳු ඉඩ හසරක් නොමැතිව මෙම අනාරක්ෂිතභාවය පවතින බවත් මේ පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු නොකළහොත් දඹුල්ල බරපතළ රටකම ලෙඩ බෝ කරන මධ්‍යස්ථානයක් බවට පත්වී යැයි බොහෝ ගොවීන් අද අලුයම අප සමඟ පැවසූහ.