දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු


(අංජුල මහික වීරරත්න)

රට වසා තිබුණ ද මැද කොළඹ ප්‍රදේශයේ වීදි ජනතාවගෙන් පිරී පවතින ආකාරය දැකගත හැකිය.

බඩු ගැනීමට පැමිණි ජනතාව මෙන්ම වෙළෙදුන් ද රටෙි වෛරස් රෝගයක් ඇතැයි අමතක වී සේ මුව ආවරණ පවා හරියාකාරව පළඳින්නේ නැතිව සැරිසරන ආකාරය සුලබ දසුනකි.

ජනතාව මෙසේ හැසිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඩෙල්ටා වයිරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ප්‍රදේශයක් බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවා තිබෙන පසුබිමකය.