( රංජන් කස්තුරි )
රටපුරා රජයේ රෝහල්වල දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීහු අද (22) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.
එය හෙට දක්වා ක්‍රියාත්මක කරන බව ද වැඩ වර්ජකයෝ පැවැසූහ.
දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ.
එම වෛද්‍යවරු අද (22) පෙරවරු 8 සිට එම වර්ජනය ආරම්භ කළ අතර දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයකද නියැලිණි.
උද්ඝෝසණය අතරතුරදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමගේ නියෝජිතයින් පිරිසකට සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් හිමි වු අතර එහිදි ඇමැතිවරිය ගැටලුවලට විසදුම් ලබාදීමට එකග වූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල විකමසිංහ මහතා පැවසීය.
(ශාන්ත රත්නායක)


