
(අංජුල මහික වීරරත්න)
නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
පත්වීම ප්‍රමාද වීම හේතුවෙන් දැනට දුෂ්කර සේවයේ නියතුව සිටින දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මුහුණපාන ගැටළු පිළිබඳ අවධානය යොමු කර පත්වීම් කඩිනම් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වැටුප් ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමයේ (Government Dental Surgeons' Association - GDSA) නිලධාරීන් අතර සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මෙය පැවැත්විණි.


