දත්ත මැකූ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා


(සුජිත් හේවාජුලිගේ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයන් කවුදැයි හඳුනා ගත් පසු ඒ අයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් පිළිබඳව ඉදිරි සතියේදී දැනුම් දෙනු ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

වෛද්‍ය උපකරණ ගෙන්වීමට අදාල ලිපිගොනු පන්දහස් හය සිය විසි තුනක් මෙසේ මැකී ගොස් ඇතැයි හෙළිවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ඇරඹූවේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා කළ පැමිණිල්ලක් අනුවය.