දඩයක්කරුවෙක්ගේ බඳින තුවක්කුවට දඩයක්කරුවන් දෙදෙනකු බිලි


(දයාරත්න ඇඹෝගම)

මුරියාකල්ල වැව් පිටියේ වන සතුන් ඝාතනය කිරිම සදහා අටවා තිබූ බදින  තුවක්කු දෙකක් පත්තුවිමෙන් දඩයක් කරුවන් දෙදෙනකු එම ස්ථානයේම මිය ගොස් තවත් තවත් එක් දඩයක් කරුවකු තුවාල ලබා ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ  කපුරු බණ්ඩා(60) ඩබ්.ප්‍රදීප් රැක්ෂාන්(51)යන දෙදෙනෙකි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ  49 නම හැවිරිදි අයෙකි.

තිරප්පනේ මුරියාකල්ල වැවට දිය පානය කිරිමට එන වන සතුන් ඝාතනය කිරිමට යන අවස්ථාවේදි වෙනත් දඩයක් කරවකු වැව් පිටියේ අටවා තිබු බදින කදන් දෙකක් පත්තු විම නිසා මෙම අනතුර සිදුව තිබේ.

බරපතල තුවාල ලැබු පුද්ගලයා ගම්වාසින්  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම බදින තුවක්කු දෙක ඇටවු බව කියන පෙරමියන්කුලම,උට්ටිමඩුවේ පදිංචි 62 හැවිරිදි දඩයක් කරුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.