දකුණු මුහුදෙන් කුඩු කිලෝ 150ක් සමග නවයක් දැලේ


(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ 150 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ බහු දින යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපු කොට්ඨාශ භාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සහ නාවික හමුදාව එක්ව ඊයේබ(10) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී මෙම හෙරොයින් සමග සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවද පොලිස් මාර්ග කියයි.