දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 5000 ඉක්මවයි


දකුණු කොරියාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ.

අද දිනයේ එරටින් වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව  374 කි. 

ආසාදිත රෝගීන්ගෙන් රෝහල් මුළුමනින්ම පිරී ගොස් ඇති අතර තවත් දහස් ගණනක් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් නිවෙස්වල රැඳී සිටිති. 

මුළු රටම මෙම බෝවන රෝගයට එරෙහි යුද්ධයකට අවතීර්ණ වී ඇති බව අද පැවති රැස්වීමකදී එරට ජනපති ජනපති මූන් ජායින් මහතා පැවසීය.

ඩයිගු සහ උතුරු  ජිඔන්සැන්ග් පළාත්  මෙම අර්බුදයේ උපරිම තත්ත්වයට මේ වන විට පැමිණ ඇති බවද ඔහු සඳහන් කළේය.

රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රට පුරා නව මධ්‍යස්ථාන ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 92,275 කි.

චීනයෙන් අලුතින් වාර්තා වූ මරණ 33 සහ ඉරානයෙන් අලුතින් වාර්තා වූ මරණ 11 ඇතුළුව මේ වන විට වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3130 කි. 

 

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)