දකුණු කොරියානු හිටපු ජනාධිපති අත්අඩංගුවට


(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය වසරේ දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ස්වාධින විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල් අත් අඩංගුවට ගෙන ඇත.

යෝල් අත් අඩංගුවට ගැනීම සඳහා සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය අද (10) වරෙන්තුවක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා චෝදනාවට අදාළ සාක්ෂි විනාශ කරන සැක මතුවීම හේතුවෙන් පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන් කළ ඉල්ලීමක් මත යෝල් නැවත වරක් අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

හමුදා නිතිය පැනවීම හේතුවෙන් යූන් සුක් යෝල්ට සිය ජනාධිපති ධුරයද අහිමි වූ අතර ප්‍රථම වතාවට පසුගිය ජනවාරි මාසයේදී අත් අඩංගුවට පත්විණි.