දකුණු අප්‍රිකාවට ලකුණු 45 ක ජයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 45 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී 3-0 ක ජයක් දකුණු අප්‍රිකානු පිලට හිමිවිය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත ඕවර 20 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තේය. වර්ෂාව නිසා ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 17 කදී 183 ක් ලෙස සංශෝධනය කෙරිණ. 

ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 15.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි. 

වැඩිදුර තොරතුරු සඳහා https://tinyurl.com/y2wo8w4b වෙත පිවිසෙන්න