තේ වතු හිමි ව්‍යාපාරික යුවළක් කඩුවලින් කපලා


(සුජිත් හේවාජුලිගේ)

තේ වතු හිමි ව්‍යාපාරික අඹුසැමි යුවළකගේ ඕපාත වීරපාන ප්‍රදේශයේ  නිවසට ඊයේ කඩාවැදුණු අයකු එම යුවළට තියුණු ආයුධයකින් පහර දී බරපතළ  තුවාල  කර පලා  ගොස් ඇතැයි ඕපාත පොලිසිය සඳහන් කරයි.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට  පරීක්ෂණ අරඹා අැත

සැකකරුගේ පුතකු මෙසේ තුවාල ලබා රෝහල්ගතව සිටින අඹුසැමි යුවළකගේ පුතකු විසින් ඝාතනය කරන ලදැයි කියන  සිද්ධියට පළිගැනීමක් වශයෙන් මෙය  සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

බරපතල තුවාල ලැබූ කාන්තාව මාතර මහ රෝහලේද  ඇගේ සැමියා උඩුගම මූලික රෝහලේද  ප්‍රතිකාර ලබමින් පසුවෙති.