
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු-යුක්රේන ගැටුම සහ පොහොර තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසර 23 කින් වාර්තා කළ අඩුම මට්ටමට පහත වැටී ඇත.
ආර්ථික අර්බුදයට පෙර තේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගය වූ අතර වාර්ෂිකව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3 මුදලක් ඉපැයීමට ශ්‍රී ලංකාව සමත් වුවේය.
රේගු දත්ත වලට අනුව 2022 පළමු කාර්තුවේදී තේ අපනයනය කිලෝ මිලියන 63.7 දක්වා පහත වැටුණු අතර 2021 වසරේ පළමු කාර්තුවේදී තේ අපනයනය කිලෝ මිලියන 69.8ක් විය.
ශ්‍රී ලංකාව1999 වසරේදී කිලෝ මිලියන 60.3 අපනයනය කළ අතර අවුරුදු 23 කට පසු තේ අපනයනය කළ අඩුම මට්ටම මෙය වේ. මේ හේතුවෙන් පළමු කාර්තුවේ තේ අපනයන අදායම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 338 සිට මිලියන 287 දක්වා පහත වැටී ඇත.
ශ්‍රී ලංකාවේ රසායනික පොහොර තහනම පසුගිය ඔක්තෝම්බර් මස ඉවත් කළත් එම අවස්ථාව වන විට රසායනික පොහොර ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට විදෙස් සංචිත නොමැති බව විශ්ලේෂකයෝ පවසති.

