(මුදිතා දයානන්ද)
සංස්ථාව තුළ පවිත‍්‍රතා සේවය දිගටම පවත්වාගෙන යාම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ බලන වැඩ පරීක්ෂකවරයකු පවිත‍්‍රතා සේවා ආයතනයකින් මාසිකව රුපියල් දහදාහක කොමිස් මුදලක් ලබා ගත්තැයි කියන පැමිණල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පවිත‍්‍රතා ආයතනය වෙනුවෙන් තෙල් සංස්ථාවේ පවිත‍්‍රතා කටයුතු අධීක්ෂණයට යොදවා ඇති වැඩ නායකවරයකු සංස්ථාවේ නියෝජ්‍ය කළමණාකාර ආරක්ෂක කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද දැන ගන්නට තිබේ.
මෙම වැඩ නායකවරයා තෙල් සංස්ථාවට සම්බන්ධ වී තිබෙන්නේ මීට මාස කීපයකට පෙර බවද ආදාල කොමිස් මුදල ලබාදීමට නියමිත දිනයේ පැය කීපයක් ප‍්‍රමාද වුණැයි පසුදින තමන් සේවයෙන් ඉවත් කර ඇති බවට එම සේවකයා පැමිණිලි කර ඇති බවද වාර්තාවේ.
එවැනි කොමිස් මුදලක් මාසිකව තමන් ලබාදුන් බව පවිත‍්‍රතා ආයතනයේ හිමිකාරිය පරික්ෂන කණ්ඩායම හමුවේ පිළිගෙන ඇති බවද දැන ගන්නට තිබේ.

