තෙල් මිලේ ගැටළුව කැබිනට්ටුවේ දී කතා කරයි


(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන මිල වැඩි කිරිම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති සමාජ කොටස් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඇමතිවරුන් පිරිසක් කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත .

ඛනිජ තෙල් සංස්ථා ව මුහුණදී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල වැඩි කිරීම හැර විකල්පයක් නොමැති නමුත් ,ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති සමාජ කොටස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත .

විශේෂයෙන්ම ධීවර ප්‍රජාව සම්බන්ධයෙන් ,ඉන්ධන සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇත.