තෙල් පිරිපහදුවට කොරෝනා ආ හැටි සොයන්න කමිටුවක්


(සුජිත් හේවාජූලිගේ)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා පොකුර ගැන සෙවීමට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටී.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු මෙම පංච පුද්ගල කමිටුවේ සෙසු සාමජිකයන් ලෙස බලශක්ති අමාත්‍යවරයාගේ උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහේවා, එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනි රෝෂණි  රුධිරවර්ධන යන මහත්ම මහත්මීහු  කටයුතු කරති.