(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජූලිගේ)
ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.
ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙරට නියෝජිතයන් දෙදෙනකු රුසියාව සමඟ සාකච්ඡා සඳහා පිටත්ව යන බවයි.