(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව තල්පිටිය සම්බාහන ආයතනයකට ගොස් තෙරපිවරියකගෙන් වෙනත් දෙයක් ඉල්ලා නොලැබුණු තැන පහරදී එහි තිබූ මුදල් කොල්ලකා තෙරපීවරියව පැහැරගෙන විත් වාද්දුව නගරයේදී යළි පහර දුන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදී ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති කොස්තාපල්වරයෙකි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 27000/= මුදලක් තිබූ බව පොලිසිය කියයි.
කොස්තාපල්වරයාගෙන් පහර කෑ තෙරපිවරිය පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.