(මනෝප්‍රිය ගුණසේකර)
ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දී තිබු රුපියල් ලක්‍ෂ 4 1/2කට අධික වටිනාකමැති සන්නිවේදන භාණ්ඩ කීපයක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු වු තුසිත හල්ලොලුව මහතාගේ ඇප අවලංගු කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ජුනි 02 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට අද (30) නියම කළාය.
සැකකරු දණ්ඩ නීතී සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවට මුල් අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන් කොටුව පොලිසියේ නිලධාරීහු සැකකරු කර ඇති වරද පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව දැනුම් දෙමින් කළ ඉල්ලීක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරීන් නිසි අන්දමින් විමර්ශන කර ඇද්ද? යන්න පිළිබඳ වහාම පරික්‍ෂණයක් පැවැත්වීමටද මහේස්ත්‍රාත්වරිය නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියම කළාය.
සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක අධිකරණයට බාරවීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරුණු සැකකාර තුසිත හල්ලොලුව මහතා නඩුව යළි කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.