
( පද්මසිරි ගාර්දියවසම්)
කිරින්දේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙනසිටි අවුරුදු තුනහමාරක් වයසැති ජර්මන් ජාතික පිරිමි දරුවෙකු හදිසියේ අසනීපව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.
හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුනු මෙම දරුවා අද (07) අලුයම ප්‍රතිකාර සදහා තිස්සමහරාම දෙබරවැව මූලික රෝහළට ඇතුළත් කරතිබේ.එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම දරුවා සිය මව,පියා ඇතුළු පවුලේ අය සමග තිස්සමහරාම ප්‍රදේශයට පැමිණ කිරින්ද සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබේ.

