(සුජිත් හේවාජුලිගේ )
තීරු බදු තවත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම කණ්ඩායම ලබන මස 1 වැනිදාට පෙර දිවයිනයෙන් පිටත්ව යන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.
ඇමරිකානු තීරු බදු සහන සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ පිරිසක්ද එසේ පිටව යන කණ්ඩායමට ඇතුළත් වෙති.