
(චන්ද්‍රසේන ගමගේ සහ රෝෂන් රාජික)
සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ ජයසේකර නොහොත් කොස්ගොඩ චූටිට අයත් බවට සැක කෙරෙන අවි ආයුධ තොගයක් තිස්සමහාරාම සාම ගුලිය ප්‍රදේශයේ හේනක සඟවා තිබියදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් හා පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින් එක්ව කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට පත් අවි ආයුධ අතර ටී 56 උන්ඩ 11ක් එම්.16 වර්ගයේ උන්ඩ 03 ක් එම්.පී.එම්.ජී වර්ගයේ උණ්ඩ 03 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්ස පුර පදිංචි 37 වැනි වියේ පසුවන අයෙකි. ඔහු කොස්ගොඩ චූටිගේ සමීපතමයෙකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් අවි ආයුධ හා සැකකරු තිස්සමහාරාම පොලිසියට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන එහිදී සිදු කෙරෙයි.
සැකකරු හෙට තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයාා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

