
(සමන් පාලිත නානායක්කාර )
මඩොල්සිම බෝගහකුඹුර වෙල්යායේදී අද( 26) අලුයම තිස් නවය හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි මඩොල් සිම පොලිසිය පැවසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ මඩොල්සිම ඇකිරිය ශ්‍රී හස්ත ලේකම්ලාගේ අජිත් පුෂ්ප කුමාර (39) නමැති පුද්ගලයෙකි. පතලක් සම්බන්ධයෙන් කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ඝාතනයට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද මඩොල්සිම පොලිසිය පැවසීය.

