(සනත් ගමගේ )
හම්බන්තොට පොලිස් බල ප්‍රදේශයේ බූන්දල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට රුහුණු රිදියගම විලියම් මාවත පදිංචි අශේන් කාවින්ද ගුනසේකර (31) විවාහක පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා වෙනත් ප්‍රදේශයක සිට බුන්දල කැලෑබද ප්‍රදේශයේ මාර්ගයක් අසලට රැගෙන විත් එම ස්ථානයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධව හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාසීසීටීවී කැමරා සවි කරන පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පරීක්ෂණ පවත්වන හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා කීය.

