තැපැල් සේවකයෝත් පාරට බසිති


(යොහාන් භාසුර)

රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් මුහුණ දී ඇති බරපතල ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීමේ අරමුණින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (3) මධ්‍යහනයේ විරෝධතාවක් පැවැත්වීය.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවට පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී තැපැල් සේවකයෝ විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)