විනීතා එම් ගමගේ
කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ තීරණය කොට ඇත.
ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තැපැල් කාර්යාල කාර්ය මණ්ඩල හතර වැනිදා සේවයට වාර්තා නොකරන බව එම වෘත්තිය සමිති පෙරමුණ තැපැල්පතිවරයා වෙත දන්වා යවා ඇත.
කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙස දන්වා ඇතත් කිසිදු උප තැපැල් කාර්යාලයක් මේ වනතුරු විෂබීජහරණයකට ලක්කර නැති අතර බොහෝ තැපැල්කාර්යාලවලද තතත්වය එයම යැයි තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ තැපැල්පතිවරයා වෙත යවන ලද එම ලිපියේ සඳහන් වේ.
සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමට පරිසරය සකසන තුරු තැපැල් හල් විවෘත නොකිරීමට තම වෘත්තිය සමිති පෙරමුණ ඒකමතිකව තීරණය කලේ යැයි ද එම ලිපියේ සඳහන්ව ඇත.
එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත පරිසරයක කටයුුතු කිරීම තුල රට වැසියන්ගේ ආරක්ෂාව ද සහතික වන බවත් පලදායි සේවයක් සැපයිය හැකි වන බවත් එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

