තැපැල් කාර්යාල අද සිට විවෘතයි


(යොහාන් භාසුර)

විශ්‍රාම වැටුප් ඇතුලු සමාජ දීමනා ගෙවීම සඳහා සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

රජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන්ගේ සැප්තැම්බර් මස විශ්‍රාම වැටුප හෙට සිට ගෙවන අතර එම ගෙවීම් ඇතුලු වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තැපැල් සහ උප තැපැල් කාර්යාල හෙට සිට දින හතක කාලයක් විවෘතව තැබිය යුතුය.