තැනින් තැනට පොඩි වැස්සක්:රස්නෙත් වැඩි වේ


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණු පළාතේ හා බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලටත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දැඩි උණුසුමක් දැනෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

මේ අතර මිනිස් සිරුරට දැනෙ උණුසුම හෙවත් ‘‘අවධානය‘‘ යොමු කළ යුතු මට්ටමට එම උණුසුම් තත්ත්වය අදත් පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ. 

මෙම වැනි තත්ත්වයක් පවතිද්දී වැඩි වේලාවක් සිරුර නිරාවණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින්  තෙහෙට්ටු ගත්තයක් ඇති විය හැකි අතර එය තවදුරටත් එම ක්‍රියාකාරකම්වල නිරත වුවහොත්  ඒ තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු වේදනාව ඇති විය හැකිය.