තැනින් තැනට කඩින් කඩ වැස්ස


(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ උදෑසන කාලයේ වැසි ඇතිවන අතර උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරුද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.