තායිවාන මලල ක්‍රීඩා උළෙලේදී තරුෂිට-අරුණට පළමු ස්ථාන


(යොහාන් භාසුර)

තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් වන අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්න මීටර 400 පිරිමි සහ කන්තා ඉසව්වල පළමු ස්ථාන දිනා ගැනීමට සමත් වූහ.

අරුණ දර්ශන මීටර 400 පිරිමි ඉසව්ව තත්පර 45.82කින් නිම කරමින් පළමු ස්ථානයට පත් වූ අතර තරුෂි කරුණාරත්න කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 52.48කින් නිම කරමින් පළමු ස්ථානය දිනා ගත්තාය.