තායිලන්තය ගංගාරාමයට පාත්‍රා පූජා කරයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පාත්‍රා පන්සියයක් පූජා කළහ.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම්(Auramon Supathaweethum) මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීහු 35 දෙනක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

තායිලන්ත නියෝජිත පිරිස ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් වලටද සහභාගී වූ අතර ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හා ආගමික වතාවත් මෙහෙය වූහ.